ගොසිප්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් කොරෝනා

(UTV |කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් කොරෝනා වෛරසය ඇතුළු වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතර වැනි මහලේ රඳවා සිටින නීතිඥ හිජාස් අහමඩ් හිස්බුල්ලා සහ කොස්ගොඩ තාරක ඇතුළු නව දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (07 ) තහවුරු වී ඇත.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිර මැදිරියක සිටි රැඳවූවකට කොරෝනා වෛරසය ආසාදනය වූ බව පසුගියදා තහවුරු වීමෙන් අනතුරුව රැඳවූවන් පිරිසකගේ PCR පරීක්‍ෂණ සිදු කළ බවයි.

එම පරීක්ෂණ කිරීමේදී මෙම නවදෙනාටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබේ.

ආසාදිතයන් කළුතර පොලිස් නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර ඇති අතර ඉදිරියේදී සියලුම නිලධාරීන් සහ ඉතිරි රැඳවූවන් පීසීආර් පරීක්ෂණයන්ට යොමු කිරීමට නියමිතය.

පොදු වැසිකිළිය භාවිත කිරීමෙන් මෙම පිරිසට වෛරසය ආසාදනය වී ඇත්තේ බවට පොලිසිය සැක කරයි.

Related posts

රූකඩ මෙන් සිටියි නොහැකියි – හකීම් සමගි ජන බලවේගයේ සමනායකත්වය ඉල්ලයි

Mohamed Dilsad

කරාටේ ක්‍රීඩාවේ හපන්කම් දැක්වූ අගමැති [PHOTOS]

Mohamed Dilsad

හෙට සිට ඇඳිරි නීතිය වෙනස් වෙයිද

Mohamed Dilsad

Leave a Comment