ව්‍යාපාරික

සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් සලසන්න උපදෙස්

(UTV | කොළඹ) – සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබාදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (07) උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම මහා පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ ගැටලුවලට පෙර සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ ගැටලු විසදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍යතුමා බලධාරීන්ට උපදෙස් දුන්නේය.

සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ පාර්ලිමේන්තුවේදී කමිටු කාමර 02 පැවති සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව පැවසීය.

රටේ පවතින සහතික වී මිලට අනුව පෙබරවාරි 01 සිට මාස 06 කට යාවත්කාලීන වන සහල් සඳහා ස්ථීර පාලන මිලක් ලබා ගැනීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී සුළු හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන්ට සහනදායී වශයෙන් ණය ගෙවා දැමීමට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබදව ද අවධානය යොමු විය.

 

 

Related posts

සමාජ ආර්ථික අභියෝග ජය ගැනීමට නව ජවයකින් ඇරඹි Communique PR

Mohamed Dilsad

සතොස මුහුණු ආවරණ අලෙවියෙන් කොටසක් මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට

Mohamed Dilsad

සහල් මෙට්‍ර්ක් ටොන් 75,000 ආනයනය කරලා.

Editor O

Leave a Comment