දේශීය

බස්නාහිර සහ හුදෙකලා ප්‍රදේශ හැර සෙසු පළාත්වල පාසල් හෙට විවෘතයි

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල 2021 වර්ෂය සඳහා පාසල් හෙට (11) දිනයේ සිට ආරම්භ වීමට නියමිතව තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව 02 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු හෙට දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බවය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුව පාසල්වල අධ්‍යයන කටයුතු සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පාසල්වල අධ්‍යයන කටයුතු සිදුවන්නේ ද යන්න පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩි අවධානයක් යොමුකර ඇති බවය.

කෙසේවෙතත් කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයේ අවදානම හේතුවෙන් වව්නියාව නගරයේ පාසල් හෙට දිනයේ විවෘත නොකිරීමට තීරණය කර ඇති අතර , සතියක පමණ කාලයක් පාසල් වසා දමා දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගත යුතු බව වව්නියාව කලාප අධ්‍යාපන කාර්යාලය පවසයි.

 

 

Related posts

ජ.වි.පෙ. නායකයා අනුර ජනපති කොමිසමට යයි

Mohamed Dilsad

කොවිඩ් නව වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණීම වලක්වා තිබෙනවා – සෞඛ්‍ය අංශය

Mohamed Dilsad

කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 200 ක්

Mohamed Dilsad

Leave a Comment