දේශීය

බොහෝ ප්‍රදේශ වලට අදත් තද වැසි

(UTV |කොළඹ) – අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

ඒ ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙනි.

මේ අනුව දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද ඇති වේ.

උතුරු, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40 – 50 දක්වා වැඩි විය හැක.

Related posts

කොල්ලුපිටියේදී සිදු වූ දුම්රිය පීලි පැනීම යථා තත්ත්වයට පත් කිරීම තවත් ප්‍රමාද වෙයි

Mohamed Dilsad

කෙසෙල්වත්තේ දෙනුවන්ගේ ගෝලයෙක් කුඩු සමග අත්අඩංගුවට

Editor O

පාස්කු ඉරිදා අදයි

Mohamed Dilsad

Leave a Comment