දේශීය

අමාත්‍ය වාසුදේවටත් කොරෝනා බව හෙළි වෙයි

(UTV |කොළඹ)  ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතාටද කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව වාර්තා වේ.

අමාත්‍යවරයා අසනීප තත්ත්වයක් හේතුවෙන් පීසීආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහි වාර්තාව අද (11) ඔහුට ලැබී තිබේ.

ඊයේ (10) දිනයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය විය.

ජනවාරි 8 වන දින බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ද කොවිඩ් ආසාදිත බවට තහවුරු විය.

Related posts

කෙරවලපිටිය දැවි තෙල් බලාගාරය නවතී

Mohamed Dilsad

වැදලා ඉල්ලනවා අපි මේක නවත්වමු – සෞඛ්‍ය ඇමතිනී

Mohamed Dilsad

ජනාධිපති ලේකම් කාර්යාලයේ අස්ථානගත වූ භාණ්ඩ සම්බන්ධ නඩුවට නියෝගයක්

Editor O

Leave a Comment