ක්‍රීඩා

කි‍්‍රකට් කී‍්‍රඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව හදන්න නව කළමනාකරුවෙක්

(UTV | කොළඹ) – ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පුහුණු අංශයේ ශාරීරික යෝග්‍යතා කාර්යය සාධන කළමනාකරු ලෙස දකුණු අප‍්‍රිකානු ජාතික ග‍්‍රාන්ට් ලූඩන් පත්කර ඇත.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ ඊයේ සිට ඔහුගේ සේවය බලපැවැත්වෙන බවයි.

ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳ විශේෂඥයකු වන ලූඩන්ට ජාතික තලයේ පසුවන ක‍්‍රිඩකයින්ගේ ශක්තීන් වර්ධනය කිරීමේ වගකීම පැවරෙනු ඇත.

එමෙන්ම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය යටතේ පවතින සමස්ථ කණ්ඩායම් සියල්ලෙහි ශාරීරික යෝග්‍යතා කාර්යය සාධනය භාරව ද ඔහු කටයුතු කිරීමට නියමිතව තිබේ.

 

Related posts

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට 6 වසරක තරග තහනමක්

Mohamed Dilsad

බංගලාදේශයේ 100 වන ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාවේදී

Mohamed Dilsad

LPL තරඟාවලිය සඳහා නම්කර ඇති විදෙස් ක්‍රීඩකයන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment