දේශීය

කෝටියකට අධික මුදල් සමඟ සිද්දික්ගේ ගෝලයෙකු අත්අඩංගුවට

(UTV |කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ එම ජාවාරම්වලින් උපයාගත් රුපියල් එක්කෝටි 26 ලක්ෂ හතලිස්තුන් දහසක මුදලක් සහ පවුම් 40ක ස්වර්ණාභරණ සමගය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (12)  සවස සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සිද්දික් නැමැත්තාගේ ගෝලයෙකු බවට අනාවරණය වී ඇත.

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත සහ මත්ද්‍රව්‍ය පනත යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

Related posts

අල්ලස් ගත් නිලධාරියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

අදත් ගෑස් නෑ – ලිට්‍රෝ

Mohamed Dilsad

ජාතික රෝහලට වාර්තාවන අනතුරු 40 % පහළට

Mohamed Dilsad

Leave a Comment