දේශීය

සෞඛ්‍ය නීති කඩ කළොත් යළි හුදෙකලා කරන්න සූදානම්

(UTV |කොළඹ ) – කොළඹ ප්‍රදේශ 02ක් යළි හුදෙකලා කිරීමේ අවධානමක් පවතින බව පොලීසිය පවසයි.

ඒ එම ප්‍රදේශ වල ජනතාව සෞඛ්‍ය උපදෙස්වලට අවනත නොවී නැවතත් සමූහ වශයෙන් විවිධ ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් ඇති බවට සිවිල් ඇඳුමින් නිරීක්ෂණ කටයුතුවල නිරත වූ පොලිස් නිලධාරීන් වාර්තා කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ කොළඹ උතුර සහ කොළඹ මධ්‍යම ප්‍රදේශවල ජනතාව නැවතත් එළෙස සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරමින් ඇති බවයි.

ඒ හේතුවෙන් නැවත එම ප්‍රදේශවලින් කොවිඩ් පොකුරු සහ අනු පොකුරු ඇතිවීමේ ඉඩකඩ ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

අවදානම යළිත් මතු වුවහොත් එම ප්‍රදේශ නැවත හුදකලා කිරීමට සිදුවිය හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ පිළිබඳව එම ප්‍රදේශවල ජනතාව වැඩි අවධානයකින් කටයුතු කළයුතු බවද ඔහු සඳහන් කරයි.

Related posts

ස්වාධීන වූ මන්ත්‍රීවරු විපක්ෂයට

Mohamed Dilsad

පල්ලේකැලේට භූ කම්පන තත්ත්වයක්

Mohamed Dilsad

ගෑස් ටැංකියේ යළි අවුලක්. පක්ෂයේ ලේකම්වරිය අත්තනෝමතිකව, රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිෂමට යවලා.

Editor O

Leave a Comment