ප්‍රමුඛ පුවත 1

වතුකරයට එන මෝඩි නිසා වෘත්තිය සමිති නායකයින් අතර ගැටුම්

(උදයම්,නුවරඑළිය)   ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා ලබන (12) වනදා හැටන් ප‍්‍රදේශයට පැමිණිම සමිබන්ධයෙන් වතුකරයේ ප‍්‍රධාන වෘත්තිය සමිති දෙකක නායකයින් දෙදෙනෙක් අතර මත ගැටුමක් ඇති වෙයි.

ඉන්දිය රජයේ රැපියල් කෝටි පන්සියක වියදමින් දික්ඔය මුලික රෝහලේ ඉදිකරන ලද නව රෝහල් සංකිර්ණය ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා විසින් ලබන (12) වන දින විවෘත කර එදින නොර්වුඩි කි‍්‍රඩාංගණයේදි ඉන්දිය ආග‍්‍රාමාත්‍යවරයා වතුකරයේ ජනතාවද ඇමතිමට නියමිතය.

නොර්වුඩි උත්සවය දමිළ ප‍්‍රගතිශිලි සන්ධානයේ ඉල්ලිමක් මත කදුරට නව ගමිමාන වතුයටිතල පහසුකමි ප‍්‍රජා සංවර්ධන අමාත්‍යංශය මගින් සිදුකරනු ලබයි.

ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා වතුකරයේ ජනතාව ඇමතිමට පැමිණෙන්නේ තමන්ගේ ආරාධනාවකට අනුව බව ලංකා කමිකරු කොංග‍්‍රසය පවසද්දි දමිළ ප‍්‍රගතිශිලි සන්ධානයද තමන්ගේ ආරාධානාවකට අනුව ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා වතුකරයේ ජනතාව ඇමතිමට පැමිණෙන බව පැවසිමත් සමග එම පක්ෂ දෙකේ නායකයින් හා ආධාරකරුවන් අතර මේ වන විට නොසන්සුන්කාරි තත්ත්වයක් උද්ගත වි තිබේ.

හැටන් සිට නොර්වුඩි නගර දක්වාම මෙම පක්ෂ දෙකෙන්ම පෝස්ටර් කටවුට්  සහ කොඩි වැල් ප‍්‍රදර්ශනය කර තිබෙන අතර එම කොඩි වැල් සහ පෝස්ටර් ඇලවිම සහා කටඅවුටි ප‍්‍රදර්ශනය කිරිමේදිද තරගයක් බවට පරිවර්තනය වි ඇත.

මෙම දෙපාර්ශවයේම ගැටුමි හමුෙවි නොර්වුඩි නගරයට හා නොර්වුඩි කි‍්‍රඩාංගණයට දැඩි පොලිස් ආරක්‍ෂාව යොදවා තිබේ.

Related posts

IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සොයාගනී

Mohamed Dilsad

චීන ජනාධිපති ෂී – ජින්පින්ගෙන් නව ජනපතිට සුභාශිංසන

Mohamed Dilsad

“ජාති ආගම්භේද පසෙකලා එක පවුලක් සේ කටයුතු කරන්න” – රිෂාඩ් බදියුදීන්…

Mohamed Dilsad

Leave a Comment