දේශීය

මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියෙන් කෝටි 6 ක දේපළ හානියක්

(UTV | මහර) – මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිද්ධියේදී රුපියල් කෝටි 6 කට අධික දේපොළ හානියක් සිදුව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

දේපොළවලට හානි සිදු කරමින් කලහකාරී ලෙස හැසුරුණු සැකකරුවන් 120 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

ඉන් 116 දෙනෙකු රිමාන්ඩ් සිරකරුවන් වන අතර , සෙසු 4 දෙනා සිරකරුවන් ය.

මේ අතර බන්ධනාගාර කැරැල්ල මෙහෙය වූ බව කියන ප්‍රධාන පුද්ගලයන් 25 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේත්තුව විසින් හඳුනා ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මහර බන්ධනාගාර ගැටුමේදී එහි ගොඩනැගිලි කිහිපයකට ඖෂධ ගබඩාවට, ලේඛනාගාරය ඇතුළු දේපොළ රැසකට දැඩි අලාභ හානි සිදු විය.

 

Related posts

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 30 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්දියාවේ සිට සිසුන් පිරිසක් අද දිවයිනට

Mohamed Dilsad

රවී ඇතුළු හයකට නිකුත් කළ වරෙන්තුවට එරෙහිව අතුරු තහනමක්

Mohamed Dilsad

Leave a Comment