දේශීය

කුසල් මෙන්ඩිස්ගෙගෙන් වාර්තාවක්

(UTV | ගාල්ල) – ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් පිට පිට 4 වැනි වරටත් අද (14) ලකුණු නොලබා දැවී ගියේය.

ඒ, එංගලන්තය සමග අද ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ දී ද ඔහු ලකුණු නොලබා දැවී යාමත් සමගයි.

ඒ අනුව ටෙස්ට් තරගවලදී ලකුණු නොලබා අඛණ්ඩව සිව් වරක් දැවී ගිය තෙවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස කුසල් මෙන්ඩිස් අද ඉතිහාසයට එක්විය.

මීට පෙර ගයි ද අල්විස් (1986-88) සහ නුවන් ප්‍රදීප් (2015) / (2017) මෙලෙස අඛණ්ඩව සිව්වරක් ලකුණු නොලබා දැවී ගොස් තිබුණි.

 

 

Related posts

මංගල උත්සව ක්‍ෂේත්‍රයේ රැකියාවල නිරතවන්නන්ගේ ගැටළු සාකච්ඡාවට

Mohamed Dilsad

ළමයි 50ට වඩා අඩු ප්‍රාථමික පාසල් 1557ක් වහන සැලැස්මක් ගැන ලංකා ගුරු සංගමයෙන් අනාවරණයක්

Editor O

බෑන් කී මූන් මෙරට සංචාරයකට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment