දේශීය

“සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද සිට

(UTV | කොළඹ) – “සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද (15) ආරම්භවීමට නියමිතය.

නොමිලේ ලබා දෙන වයිෆයි සහ තවත් පහසුකම් රැසකින් මෙම බස් රථ සමන්විත වේ.

පළමු අදියර යටතේ කොළඹ ප්‍රදේශය අවට කාර්යාලවල රාජකාරී සඳහා ගමන්කරන මගීන් වෙනුවෙන් මාකුඹුර සිට පිටකොටුව දක්වා බස්රථ සේවාව ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහාතාගේ ප්‍රධානත්වයෙන් මෙම අධි සුඛෝපභෝගි බස් රථ සේවාව මාකුඹුර බහුවිධ ප්‍රවහන මධ්‍යස්ථානයෙන් ආරම්භ කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංග්ස්ලි රණවක මහතා පැවසීය.

 

Related posts

අද රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 තෙක් වෙළඳසැල් විවෘත කිරීමට අවසර නැහැ

Mohamed Dilsad

රිෆ්ඛාන් බදියුදීන්ගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය කල්යයි

Mohamed Dilsad

අයවැය අද

Mohamed Dilsad

Leave a Comment