දේශීය

තවත් මන්ත්‍රීවරු පිරිසකට අද PCR පරීක්ෂණ

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් තිදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් පසුගිය 13 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 463 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබීය.

එහි දෙවන අදියර යටතේ අද (15) පෙරවරු 9 සිට පස්වරු 12 දක්වා මන්ත්‍රීවරුන් ඇතුළු නිලධාරීන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

මේ අතර පසුගිය 13 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම් ලබන 18 වනදා පැවැත්වීමට තීරණය කර ඇත.

ලබන 19 වැනිදා සිට ආරම්භවීමට නියමිත නව පාර්ලිමේන්තු සතියේ රැස්වීම්වල කටයුතු තීරණය කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.

 

Related posts

මහ බැංකුවෙන් සියලුම බැංකුවලට දැනුම්දීමක්

Mohamed Dilsad

කොරෝනා සම්බන්ධයෙන් අසත්‍ය පතුරුවන අය සොයයි

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණ දෙකක්

Mohamed Dilsad

Leave a Comment