ව්‍යාපාරික

කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉහළ වර්ධනයක්

(UTV |කොළඹ) – කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනය තුළ දී ඒකක 291.34 ක ඉහළ වර්ධනයක් වාර්තා කර තිබේ.

 

මේ අනුව  මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කිරීමට අද (15) දිනයේදී සමත් විය.

ඒ අනුව දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකයේ (ASPI) අගය ඒකක 7,734.57 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර ගනුදෙනු දිනයට සාපේක්ෂව 3.91% ක සුවිශේෂී වර්ධනයකි.

මෙය 2011 පෙබරවාරි 28 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ ඉහළ ම අගය වේ.

එක් දිනක් තුළ සියලු කොටස් මිල දර්ශක අගය වැඩිම ඒකක ප්‍රමාණයකින් ඉහළ ගිය දිනය ලෙසින් අද දින ඉතිහාසයට එක්ව්වේ.

Related posts

බේකරි නිෂ්පාදන වල මිල අද සිට වැඩී

Mohamed Dilsad

BRI වැඩපිළිවෙල ශ්‍රී ලංකාවට ගුණාත්මක ආර්ථික බලපෑමක් ඇති කරයි [වීඩියෝ]

Mohamed Dilsad

සහල් මෝල් හිමියන්ගෙන් සහල් සිල්ලර මිල නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment