විදෙස්

ලොව දැවැන්තම කොරෝනා එන්නත්කරණය ඉන්දියාවෙන් අද ඇරඹෙයි

(UTV | ඉන්දියාව) –  ලොව දැවැන්තම කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල ඉන්දියාවෙන් අද ආරම්භ වෙයි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් පෙරවරු 10.30 ට එහි සමාරම්භක වැඩපිළිවෙල ආරම්භ කරනු ලැබීය.

පළමු අධියරේදී සෞඛ්‍ය සේවකයන් හා ප්‍රමුඛ පෙල අවධානම් සේවකයන් කෝටි 03 ක් එන්නත් කිරීමට නියමිතව ඇති අතර ,
අද දිනයේදී ස්ථාන 3000 ක එකවර එන්නත්කරණය සිදුකෙරෙනු ඇත.

ඔක්ස්ෆර්ඞ් එන්නතේ ඉන්දීය නියෝජිතායතනය සහ භාරත් බයෝටෙක් සමාගම නිපදවන ලද එන්නත් දෙක මෙලෙස එන්නත් කරනු ලබන අතර , එහිදී සෑම ස්ථානයකම පුද්ගලයන් 100 ක් එන්නත් කිරීමට නියමිතව තිබේ.

 

Related posts

චීනයේ නිෂ්පාදිත කොරෝනා එන්නත වසර අවසානයට පෙර

Mohamed Dilsad

කැරට් 709 ක් බරැති දියමන්තියක් අප්‍රිකාවෙන් සොයා ගනී

Mohamed Dilsad

කොරෝනා වැළඳුන සචින් රෝහල්ගත කරයි

Mohamed Dilsad

Leave a Comment