දේශීය

උපකාරක පන්ති ආරම්භය ගැන විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) – ජනවාරි මස 25 වනදා සිට උපකාරක පංති පැවැත්වීමට අවසර ලබාදී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

කෙසේවෙතත් බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාදවනු ඇත.

උපකාරක පන්ති පැවැත්වීමට අවශ්‍ය චක්‍රලේඛණය ඊයේ නිකුත් කර ඇති අතර , එම චක්‍රලේඛයට අනුව බස්නාහිර පළාතෙන් පිටත උපකාරක පන්ති පැවැත්වීමට ජනවාරි 25 වනදා සිට අවසර හිමිවන අතර එක් පන්තියකට සහභාගී කරගත හැක්කේ ඉඳගැනීමට ඇති පුටු ප්‍රමාණයෙන් 50 %ක් සහ උපරිම ළමුන් සංඛ්‍යාව 100 ක් දක්වා පමණයි.

මෙම උපකාරක පන්ති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා පමණක් විවෘත කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටියි.

උපකාරක පන්ති පවත්වාගෙන යායුත්තේ කෙසේ ද, පැවැත්විය යුතු කාලය, පන්ති පිරිසිදු කිරීම යන ක්‍රියාවලීන්ට අදාළ මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර එම සියලු කරුණු චක්‍රලේඛයේ අඩංගු කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.

එම උපදෙස් අනුව කටයුතු කරන ලෙසට ද ඔහු උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියි.

 

Related posts

මහර සියලු රැඳවියන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට

Mohamed Dilsad

ඉන්ධන බෙදාහැරීම ගැන ඇමතිගෙන් ට්විටර් නිවේදනයක්

Mohamed Dilsad

සෞඛ්‍ය උපදෙස් කඩකළ වැඩිම පිරිස ඊයේ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment