විදෙස්

රුසියානු විපක්ෂ නායකයා ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

(UTV | රුසියාව) – විෂක් ශරීරගත වීම හේතුවෙන් ජර්මනියේ ප්‍රතිකාර ලබමින් සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි රුසියාවේ මොස්කව් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ, ඔහු ජර්මනියේ ප්‍රතිකාර ලබා යළි සිය රටට පැමිණි අවස්ථාවේදීය.

කිසිදු පැහැදිළි කිරීමකින් තොරව පදනම් විරහිතව ඔහු අත්අඩංගුවට ගත් බව රුසියානු විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරිය ට්විටර් පණිවුඩයක් සටහන් කරමින් කියා සිටියාය.

රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රබල විවේචකයකු වන ඇලෙක්සි නවල්නි පසුගිය දා සර්බියාවේ සිට රුසියාව බලා ගුවන් ගමනක නිරත වී සිටින අතරතුර සිදු වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරිණි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රතිකාර සඳහා ජර්මනියේ රෝහලකට ඇතුළත් කළ රුසියානු විපක්ෂ නායකවරයා කෝමා තත්ත්වයේ පසු වූ බවයි.

 

Related posts

ඉතිහාසයේ පළමු වරට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉරාක සංචාරයක

Mohamed Dilsad

ඊළඟට එන කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා භයානකයි

Mohamed Dilsad

මගීන් 100ක් සමඟ ගුවන් යානයක් අනතුරට

Mohamed Dilsad

Leave a Comment