දේශීය

බස්නාහිරින් පිටවීමට ගිය 103 කට කොවිඩ්

(UTV | කොළඹ) – දෙසැම්බර් 21 වනදා සිට මේ දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් 103 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක දී එම පරීක්ෂණ සිදුකර ඇති බවය.

ඒ අනුව පුද්ගලයින් 10,926 දෙනෙකුගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හෝ PCR පරීක්ෂණ සිදුකර ඉහළ ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 

 

 

Related posts

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිවසක්

Mohamed Dilsad

ඝාතන තැත වළක්වයි

Mohamed Dilsad

ආනන්තරීය පාපකර්මයක් කළ පුතෙක්

Mohamed Dilsad

Leave a Comment