ක්‍රීඩා

සිය තතුරෙන් ඉවත්වන බව අසන්ත ද මෙල් ප්‍රකාශ කරයි

(UTV | කොළඹ) – එංගලන්ත ටෙස්ට් තරඟාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාරිත්වයෙන් තමා ඉවත්වන බව අසන්ත ද මෙල් තීරණය කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අසන්ත ද මෙල් මහතා,

“ඒ වේලාවේ ක්‍රිකට් බෝඩ් එකයි, හිටපු ඇමතිවරයයි, මට කිව්වා කරුණාකරලා මේක කරන්න කණ්ඩායම වෙනුවෙන් කියලා. මොකද ලොකු ප්‍රශ්නයක් තිබුණා කණ්ඩායමේ. කණ්ඩායම එක් එක් පැතිවලට බෙදිලා. ඒ වාගේ ප්‍රශ්න තිබුණා. ඒ වේලාවේ මම කිව්වා මේක විතරක් මම කරන්නන් කියලා. ඒ වුණාට ඊට පස්සේ එන ටුවර්වලටත් මට කිව්වා අනේ කරුණාකරලා සම්බන්ධවෙන්න කියලා. පාකිස්තානය වගේ රටවලට කවුරුත් යන්න කැමති වුණෙත් නැහැ. අත්තටම මම මේ ගත්තේ ටෙම්පරලි ජොබ් එකක් විදිහට. දිගුකාලින මැනේජර් වෙන්න මට බැහැ. අමාරුයි මට. මම තනියමනේ දැන් මේක කරන්නේ. ඒ නිසා මම තීරණය කළා මේ සංචාරයෙන් පසුව මේකෙන් ඉවත්වෙන්න.“

කෙසේවෙතත් තමන් තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානී ලෙස කටයුතු කරන බව ද ඔහු සඳහන් කරයි.

අසන්ත ද මෙල් මහතා 2019 වසරේ සිට මෙම තනතුරු දෙකෙහිම කටයුතු කරනු ලබයි.

 

Related posts

T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Mohamed Dilsad

ස්පාඤ්ඤයේ පැවති මෝටර් රථ තරඟාවලියකදී ඩිලන්තගෙන් විශිෂ්ට ජයක්

Mohamed Dilsad

ඉන්දිය – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment