විදෙස්

අතුරුදන්ව සිටි ජැක් මා යළිත් කරළියට

(UTV | චීනය) – අතුරුදන් වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ චීනයේ කෝටිපති ව්‍යාපාරික ජැක්  මා මාස ගණනාවකට පසු පළමුවරට මාධ්‍ය වෙත පෙනී සිට තිබේ.

එරට දිළිඳු ප්‍රදේශයක ගුරුවරුන් වෙත උපකාර කිරීමේ අරමුණින් ඔහු ගෙන යන ව්‍යාපෘතියක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඔහු මෙලෙස වීඩියෝවක් මුදාහැර ඇත.

මෙම වීඩියෝව නිකුත් වන තෙක් ඔහු කොහේ සිටියේදැයි සොයාගැනීමට විදෙස් මාධ්‍යවලට හැකිවුයේ නැහැ.

ජැක් මා කොහිද යන්න පිළිබඳව සැක මතුවුයේ මේ මස මුලදී “අප්‍රිකා ව්‍යාපාරික වීරයෝ” නම් රූපවාහිනී වැඩසටහනට ඔහු එකතු නොවීම හේතුවෙනි. එම වැඩසටහනේ විනිසුරුවෙක් ලෙස ඔහු කටයුතු කළේය.

 

Related posts

ජෝර්ජ් ෆ්ලොඩ් ඝාතකයාට වසර 22 කට වැඩි සිර දඩුවමක්

Mohamed Dilsad

පොප් ගායිකා කොකෝ ලී අභාවප‍්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ඉන්දියාවේ රුපියලත් කඩා වැටේ

Mohamed Dilsad

Leave a Comment