දේශීය

ජාතික අක්ෂි රෝහලෙන් විශේෂ දැනුම්දීමක් [RELEASE]

(UTV | කොළඹ) – ජාතික අක්ෂි රෝහලේ සායන සදහා පැමිණිමට ප්‍රථම අදාළ සායනයට දුරකථන ඇමතුමක් ලබා දි දිනයක් සහ වේලාවක් වෙන් කරවාගැනීම අද සිට අනිවාර්යය කර ඇත.

කොරෝනා වසංගත තත්වය හමුවේ ජාතික අක්ෂි රෝහලේ කටයුතු පවත්වාගෙනයාමේදී පැනනැගී ඇති ප්‍රායෝගික ගැටලු සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ.

එම තත්ත්වය නිසා ආරක්ෂිත පියවරක් ලෙස ජාතික අක්ෂි රෝහලේ සායන සදහා පැමිණිමට ප්‍රථම සායනයට දුරකථන ඇමතුමක් ලබා දී දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගන්නා ලෙස ජාතික අක්ෂි රෝහල මහජනතාවට දැනුම් දෙයි.

 

Related posts

අද දිවුරුම්දුන් රාජ්‍ය ඇමතිවරුන් මෙන්න

Mohamed Dilsad

රථවාහන දඩ, ඔන්ලයින් ගෙවීමේ නියමු ව්‍යාපෘතිය ඇරඹේ

Editor O

කිලිනොච්චිය ඉරණ මඩු වැවේ දිය නාමින් සිටි දරුවන් දෙදෙනකු දියේ ගිලි මිය යයි

Editor O

Leave a Comment