දේශීය

කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා අත්අඩංගුවට

(UTV | ගම්පහ) – කටුනායක සිය නවාතැන්පොළෙන් පළාගිය 25 හැවිරිදි කොවිඩ් ආසාදිතයා සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අදාළ පුද්ගලයා අද (22) පෙරවරුවේ කටුනායක 18 කණුව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ආසාදිතයා 1990 ගිලන්රථ සේවය මඟින් මීගමුව රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙලෙස පළාගොස් තිබුණේ පදවිය ප්‍රදේශයේ පදිංචි ඇගලුම් කම්හල් සේවකයෙකුයි.

 

Related posts

මැතිවරණ මහ ලේකම්ගෙන් රාජ්‍ය සේවකයන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

පවුල් ලක්ෂ 14 කට පන්දහසේ සහනාධාරය ලබාදී අවසන්

Mohamed Dilsad

හිටපු ජනපති පාස්කු කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment