දේශීය

සමගි ජන බලවේගයේ නව නිළධාරී මණ්ඩලය මෙන්න

(UTV | කොළඹ) – ඒ පෙරවරුවේ පැවති පක්ෂයේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි.

මේ අනුව පක්ෂ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද / මහ ලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාද / සභාපති ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද පත්ව ඇත.

ජාතික සංවිධායක ලෙස පත්කර ඇත්තේ තිස්ස අත්තනායක මහතාද / ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල / කබීර් හෂීම් / ඉමිතියාස් බාකීර් මාකර් / රාජිත සේනාරත්න / කුමාර වෙල්ගම සහ රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුනුයි.

මීට අමතරව තළතා අතුකෝරළ / ගයන්ත කරුණාතිලක / දිලිප් වෙදආරච්චි / ඒ එච් එම් හලීම් / චන්ද්‍රාණි බණ්ඩාර / පී හැරිසන් / හරීන් ප්‍රනාන්දු සහ සුජීව සේනසිංහ යන මහත්ම මහත්මීන් උප සභාපතිවරුන් ලෙස කටයුතු කරනු ලබයි.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික ධුරයටත් / අජිත් පී පෙරේරා මහතා ප්‍රධාන විධායක ලෙසටත් පත්වීම් ලැබීය.

ඊට අමතරව නියෝජ්‍ය ලේකම්වරුන් 04 ක් / නියෝජ්‍ය ජාතික සංවිධායකවරුන් 03 ක් සහ නීති ලේකම්වරුන් දෙදෙනෙකුද සමගි ජන බලවේගයේ නව නිළධාරී මණ්ඩලයට ඇතුළත් වෙයි.

 

 

Related posts

මංතීරු නීතිය අද සිට යළිත්

Mohamed Dilsad

”මිත්‍රත්වයේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයේ මතක සැමරුම් ”පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙත

Mohamed Dilsad

ෂාෆ්ටර් ඝාතනය සිදුවූ තැන තිබූ උපකරණ වෙත වැඩි අවධානයක්

Mohamed Dilsad

Leave a Comment