ව්‍යාපාරික

නව කර්මාන්ත ඇරඹීමට ආයෝජකයින් 150 කගෙන් ඉල්ලීම්

(UTV| කොළඹ) – බස්නාහිර පළාතේ කර්මාන්ත ඇරඹීම සඳහා ආයෝජකයින් 150 කට ආසන්න ප්‍රමාණයක් කර්මාන්ත අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම මඟින් රුපියල් මිලියන 30,000 ක පමණ ආයෝජනයක් යටතේ රැකියා අවස්ථා 11,500 ක් පමණ උත්පාදනය කිරීමට හැකියාව පවතින බව තහවුරු වී ඇත.

දැනට බස්නාහිර පළාතේ කර්මාන්තපුර 08 ක් පිහිටා ඇති අතර, ඒවා පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක වේ. එබැවින්, බස්නාහිර පළාතේ නව කර්මාන්තපුරයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පවතී.

ඒ අනුව, ඇඟළුම් හා ආශ්‍රිත නිෂ්පාදනවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රබර්, ප්ලාස්ටික්, ඖෂධ හා ආශ්‍රිත නිෂ්පාදන, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග, ඇසුරුම්කරණ, අගය එකතු කළ කෘෂිකාර්මික නිෂ්පාදන සහ ප්‍රතිචක්‍රීකරණ කර්මාන්ත ආරම්භ කිරීම පිණිස අවශ්‍ය පහසුකම් සලසා දීම සඳහා කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජයට අයත් කලුදියවල වත්ත නැමැති රජයේ ඉඩමෙහි අක්කර 100 ක පමණ භූමියක කටුනායක කර්මාන්තපුරය ස්ථාපිත කිරීම පිණිස කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

 

 

Related posts

ව්‍යාපාර ණය යෝජනා ක්‍රමය අදින් ඇරඹේ

Mohamed Dilsad

ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල යතා තත්වයට

Mohamed Dilsad

යල කන්නයේ වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 538,399 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment