විදෙස්

ඔලිම්පික් ජපානයෙන් ඇමරිකාවට ගෙන යෑමේ සූදානමක්

(UTV | ජපානය) – ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පවත්වන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ඉල්ලීමක් ඉදිරිපත්ව ඇත.

පසුගිය වසරේ පැවැත්වීමට නියමිත වූ ඔලිම්පික් තරගාවලිය කොවිඩ් වසංගතය හේතුවෙන් වසරක පමණ කල් දැමීමකින් පසු ලබන ජූලි 23 වනදා සිට ආරම්භ කිරීමට තීරණය විය.

කෙසේවෙතත් පවතින වාතාවරණය හමුවේ ජපානය තුළ ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට සුදුසු තත්ත්වයක් නොමැති බවට සඳහන් වෙයි.

ටෝකියෝ නුවරින් තරගාවලිය ඉවත් කිරීමට මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අවධාරණය කරයි.

 

Related posts

දකුණු කොරියාවේ කොරෝනා රෝගීන් ඉහළට

Mohamed Dilsad

ඩෙබී සුළි සුළඟින් පසු ක්වීන්ස්ලන්තයට ගංවතුර අවධානමක්

Mohamed Dilsad

කොරෝනා අසාදනය වීමෙන් ඉන්දියාවේ පළමු මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment