විදෙස්

බ්‍රිතාන්‍ය කොරෝනා වෛරස් ප්‍රභේදය රටවල් 70 ක

(UTV | එක්සත් රාජධානිය) – එක්සත් රාජධානියෙන් සොයාගත් ඉහළ ප්‍රචාරණ හැකියාවක් සහිත කොරෝනා වෛරස් ප්‍රභේදය මේ වනවිට ලොව රටවල් 70 කට පමණ ව්‍යාප්තව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

දකුණු අප්‍රිකානු වෛරස් ප්‍රභේදය ද රටවල් 31 කට පමණ ව්‍යාප්ත වී ඇති බව ජිනීවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණි.

බ්‍රිතාන්‍ය කොරෝනා වෛරස් ප්‍රභේදය ගතවූ සතිය තුළ රටවල් දහයකට ව්‍යාප්ත වී ඇති අතර, දකුණු අප්‍රිකානු ප්‍රභේදය අවම වශයෙන් රටවල් 08 කට ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

කොරෝනා වසංගතයෙන් පුද්ගල මරණ ලක්ෂය ඉක්මවූ පස්වෙනි රට බවට මහා බ්‍රිතාන්‍යය පත්ව ඇත.

එරට වත්මන් තත්ත්වය පිළිබදව ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සිය බලවත් කණගාටුව පළකර තිබේ.

කොරෝනා වසංගතයෙන් මහ බ්‍රිතාන්‍යය තුළ අහිමි වූ සෑම ජීවිතයක් පිළිබදව තමන් බලවත් සේ කණගාටුවට පත්ව සිටින බව අගමැතිවරයා සඳහන් කරයි.

රටතුල උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ වගකීම තමන් භාරගන්නා බවද ඔහු අවධාරණය කරයි.

 

Related posts

කොරෝනා හේතුවෙන් ලොව පුරා මියගිය ගණන 42100 ඉක්මවයි

Mohamed Dilsad

ඉන්දියාවේ ළමා රෝහලක ගින්නකින් අලුත උපන් බිළිඳුන් 04 ක් මරුට

Mohamed Dilsad

නරුහිතෝ කුමරු ජපානයේ නව අධිරාජ්‍යත්වයට

Mohamed Dilsad

Leave a Comment