දේශීය

ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ධූරයෙන් ඉවත් කරයි

(UTV |නුවරඑළිය) – තලවකැලේ, ලිඳුල නගර සභාවේ සභාපතිවරයා සිය ධූරයෙන් පහකිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

සභාපතිවරයාට එරෙහිව ඉදිරිපත්වී තිබු පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයකින් පසු ආණ්ඩුකාරවරයා විසින් එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

තලවකැලේ, ලිඳුල සභාපති අශෝක සේපාල මහතාට එරෙහිව එම සභාවේම මන්ත්‍රීවරයෙකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු අතර , එම පැමිණිල්ලට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් එක් පුද්ගල කොමිසම් සභාවක් පත්කළ අතර එම වාර්තාවට අනුව සභාපතිවරයා නගර සභා ආඥා පනතට පටහැනිව කටයුතු කර ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව පසුගිය 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තලවකැලේ, ලිඳුල නගර සභාවේ සභාපතිවරයා සිය ධුරයෙන් පහකර ඇති බව වාර්තා වේ.

Related posts

කොවිඩ් එන්නත ලබන ගර්භණී කාන්තාවන් හට වැදගත් පණිවුඩයක්

Mohamed Dilsad

වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන්ගේ නාම ලේඛන නීතිමය පියවර ගැනීම සඳහා පොලීසියට බාර දීමට සූදානම් – මැතිවරණ කොමිෂන් සභාව

Editor O

අග්‍රාමාත්‍යවරයාට බංගලාදේශයෙන් උණුසුම් පිළිගැනීමක් [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment