විදෙස්

අවුන් සාන් සුචී මියන්මාර යුධ හමුදා අත්අඩංගුවට

(UTV | මියන්මාරය) – මියන්මාරයේ පාලක ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ නායිකා අවුන් සාන් සුචී මහත්මිය එරට යුධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීම්වලින් පැය කිහිපයකට පසු මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බව එරට රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කර ඇත.

අවුන් සාන් සූචී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලන බලය සියතට ගත් බව මියන්මාර හමුදාව පවසයි.

රජය සහ ආරක්ෂක අංශ අතර පවතින මතභේද හමුවේ හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳ සැත මතව ඇති වාතාවරණයක මෙම අත්අඩංගුවට ගැනීමද විශේෂත්වයක්.

පසුගිය නොවැම්බර් මාසයේදී පැවති මහ මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය රජයක් පිහිටුවීමට ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් දිනාගනු ලැබූ අතර , එහෙත් යුධ හමුදාව දිගින් දිගටම අවධාරණය කලේ මැතිවරණ ප්‍රථිඵලය දූෂිත එකක් බවටයි.

කෙසේ වෙතත්,අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙලෙස හමුදාව සිය භාරයට ගෙන ඇත්තේ, මැතිවරණයෙන් පසුව මියන්මාර පාර්ලිමේන්තුව අද අසුන් ගැනීමට නියමිතව තිබූ පසුබිමකදී ය.

අතීතයේ බුරුමය ලෙස හැඳින්වූ මියන්මාරය 2011 වසර වන තෙක් හමුදා පාලනයක් යටතේ පැවතුණා.

එම කාලය තුළදී සුචී මහත්මිය වැඩි වශයෙන් කල් ගත කරනු ලැබුවේ නිවාස අඩස්සියේයි.

 

 

Related posts

තුන්වන චාල්ස් රජු බකිංහැම් මාලිගය ඉදිරිපිට රැස්ව සිටි පිරිසට ආචාර කරයි

Mohamed Dilsad

ඇමරිකාවේ කොරෝනා මරණ 90,000 ඉක්මවයි

Mohamed Dilsad

ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියානු නායකයා මුණ ගැසීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment