දේශීය

ගම්පහ සහ කළුතර පාසැල් පෙබරවාරි 15 විවෘත කිරීමේ සූදානමක්

(UTV| ගම්පහ) – ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 590 ක් අතරින් 589 ක් පෙබරවාරි මස 15 වන දින විවෘත කිරීමේ හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේය.

ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව විසින් ඒ බව දන්වා ඇතැයි ද පැවසු අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 4 ක් ඇති බවත්, ඉන් ගම්පහ කලාපයේ ඇති සියලුම පාසල් හා පිරිවෙන් මේ වන විට විවෘත කිරීමට හැකි තත්ත්වයක් පවතින බව ද ඒ් මහතා පැවසීය.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 446 ක් ඇති බවත් ඉන් පාසල් 442 ක් විවෘත කිරීමේ හැකියාව පවතින බව කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වාර්තා කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related posts

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන අනාවරණයක්

Editor O

‘එක රටක් එක නීතියක්’ : ජනපති කාර්ය සාධක බලකායේ සභාපතිකම ඥානසාර හිමිට

Mohamed Dilsad

පූජිත් – හේමසිරි යළි රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment