ව්‍යාපාරික

රජයේ රෝහල් 40 ක රෝගීන් ලක්ෂ 50 කට පමණ ඩිජිටල් පහසුකම්

(UTV | කොළඹ) – ඩිජිටල්කරණය වූ රජයේ රෝහල් 40 ක රෝගීන් ලක්ෂ පනහකට වැඩි (5,047,798) ප්‍රමාණයක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ප්‍රකාශ කරයි.

මෙම රාජ්‍යය සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණය වැඩපිළිවල යටතේ ලියාපදිංචිව, සේවා ලබාගත් අවස්ථා ලක්ෂ එකසිය තිස්හතරක් (13,456,153) ඉක්මවා ඇතිබව ඊට අදාළ මෘදුකාංග වාර්තාවන් පෙන්නා දෙයි.

මේ වන විට දිවයිනේ උතුරු නැගෙනහිර ඇතුළු රෝහල් 40 කට පමණ මෙම මෙම ඩිජිටල්කරණ වැඩසටහන හදුන්වා දී ඇතැයි ද එම කටයුතු ඉතා සාර්ථකව සිදුවන බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඞසටහන් ප්‍රධානී ශ්‍රියානන්ද රත්නායක මහතා සදහන් කරයි.

Related posts

රුමේනියා රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

Editor O

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කරයි

Mohamed Dilsad

ඉදිරි සති දෙක තුළ සහල් හිඟය දරුණු විය හැකියි – සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Editor O

Leave a Comment