දේශීය

8500 ක් රාජ්‍ය සේවයේ පුහුණුවට බඳවා ගැනීමට පියවර

(UTV | කොළඹ) – අභ්‍යාසලාභි උපාධිධාරීන් ලෙස රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා තවත් 8500 ක් බඳවා ගැනීමට පියවර ගත් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

පළමු වටයේදී රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා සුදුසුකම් නොලැබූ උපාධිධාරීන් යොමු කළ අභියාචනා සැලකිල්ලට ගෙන මෙම පිරිස බඳවා ගත් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය.

ඔවුන්ගේ පත්වීම් ලිපි ස්ථිර පදිංචිය ඇති ප්‍රාදේශීය ලේකම්වරයා වෙත යොමු කළ බව ද රත්නසිරි මහතා පැවසීය.

මේ වනවිට රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගෙන ඇති උපාධිධාරීන් සංඛ්‍යාව 50,000 කි.

 

Related posts

සාමාන්‍ය පෙළ හැඳුනුම්පත් අයදුම්පත් ලක්ෂයක් තවම ලැබී නැහැ

Mohamed Dilsad

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් තිදෙනෙක් බන්ධනාගාර ගත කරයි. සාවද්‍ය මුදල් පරිහරණය චෝදනාවට 2023 පැවරූ නඩුවක්

Editor O

වෛද්‍ය, ඉංජිනේරු, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක් විරෝධයේ

Mohamed Dilsad

Leave a Comment