දේශීය

සිව් දිනක් තුළ 95,550 කට කොරෝනා එන්නත ලබාදෙයි

(UTV | කොළඹ) – මෙරට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම ආරම්භ වූ පසුගිය 29 වනදා සිට මේ දක්වා 95, 550 දෙනෙකුට එන්නත්කරණය සිදුකර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඊයේ (01) දිනයේ පමණක් පුද්ගලයින් 36,396 කට මෙම එන්නත ලබාදීමට කටයුතු කර ඇත.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ ත්‍රිවිධ හමුදාවේ 19,000 කට මේ වනවිට කොරෝනා එන්නත ලබාදී ඇති බවයි.

මීට අමතරව තවත් කොවිඩ් ආසාදිතයන් 826 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා විය.

ඉන් 816 දෙනෙකු මිනුවන්ගොඩ – පෑලියගොඩ – බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් වාර්තා වන ආසාදිතයන්ය.

 

Related posts

ගංජා ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

සජිත් සටනින් ඉවත් වෙයි – ඩලස්ට සහය දෙයි

Mohamed Dilsad

ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ ඇති කරන විදිය ගැන හිටපු ජනාධිපති රනිල් ඉන්දියාවේ සමුළුවකදී කියයි.

Editor O

Leave a Comment