ක්‍රීඩා

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා සංචිතය එළඹෙන 5 වනදා නම් කරයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචාරය සඳහා වන සංචිත, ඉදිරියේදී පත් කිරීමට නියමිත නව තේරීම් කමිටුව විසින් නම් කිරීමට නියමිතව ඇත.

ලබන 5 වනදා එම නම් කිරීම සිදුකරන බව ඩේලි එෆ්.ටී. වාර්තා කරයි.

පෙර පැවැති තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 35 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් අදාළ තරඟ සංචාරය වෙනුවෙන් නම් කර තිබූ අතර , ඔවුන් ඊයේ (01) දිනයේ සිට පුහුණුවීම් ද ආරම්භ කළ බව සඳහන්.

කොදෙව් තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 3 ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතය.

 

Related posts

ශ්‍රී ලංකාවට ජය

Mohamed Dilsad

සංගක්කාර ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකය හමුවට

Mohamed Dilsad

ක්‍රිකට් නායකත්වයට සමු දුන් ඇන්ජලෝ මාධ්‍යයට දැක්වූ අදහස්

Mohamed Dilsad

Leave a Comment