ප්‍රමුඛ පුවත 1

ගීතාට දුන් තීන්දුවෙන් මන්ත්‍රී ධුර 11 කට අවධානමක්

(උදයම්,කොළඹ)  – අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රි ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රිධූරය සම්බන්ධයෙන් ලබා දුන් තීරණයත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිධූර 11ක් අහිමි වීමේ අවධානමක් මතුව තිබේ.

Economy Next වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ අභියාචනාධිකරණයේ එම තීරණය එජනිසයේ බලය මාරු වීමේ ආරම්භය සනිටුහන් කරන බවය.

කුමාරසිංහ මහත්මිය වෙනුවෙන් ලබා දුන් මෙම තීරණය මන්ත්‍රි ආසන හයක් හිමි ගාල්ල දිස්ත්‍රික්කයේ සහ මන්ත්‍රි ආසන 5ක් හිමි මාතර දිස්ත්‍රික්කයේ එජනිස ලැයිස්තුව තවදුරටත් අනතුරේ දමා ඇති අතර එම මන්ත්‍රිවරුන්ගේ අනාගතය ප්‍රශ්න ගත වී තිබේ.

ඒ අපේක්ෂක ලැයිස්තුවේ එක් අයෙකු සුදුසුකම් නොලත් පුද්ගලයෙකු වූ විට සමස්ත අපේක්ෂක ලැයිස්තුවම ප්‍රතිකේෂ්ප වන බැවිනි.

2015 මැතිවරණ සමයේ කුමාරසිංහ මහත්මිය සහ H.G මනෝජ් ප්‍රසන්න මහතා අය වෙනුවෙන් විරෝධතා ගොනු වී තිබුණද එවකට 19 වන සංශෝධනය මගින් සංශෝධනය නොවුනු 1981 මැතිවරණ පනත යටතේ මැතිවරණය මුහුණ දීමට ඔවුන්ට අවස්ථාව අබා දීමට මාතර හා ගාල්ල මැතිවරණ ලේකම් කාර්යාලයන් තිරණය කර ඇත.

Related posts

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය ස්ථිරයි – ජනපති

Mohamed Dilsad

ආගමික නායකයන්ට මහින්ද දේශප්‍රියගෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment