විදෙස්

පන්ති භාර ගුරුවරිය සමඟ විවාහ වූ ලාබාලතම ජනාධිපතිවරයා

(උඅදයම්,ප්‍රංශය)  – සියයට 66 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ප්‍රංශයේ ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ එමැනුඑල් මැක්‍රෝන් ගේ පෞද්ගලික තොරතුරු පිළිබඳ මාධ්‍ය තුළ කතා බහට ලක් වේ.

ඒ පිළිබඳව විදෙස් මාධ්‍ය විවිධ තොරතුරු වාර්තා කර සිටි අතර එහිදී ඔහු විවාහ කරගත් බිරිඳ පිළිබඳවද බොහෝ දෙනෙකු අතර විවිධ කතාවන් මැවුණා. මන්ද ඔහු එලෙස බිරිඳ කරගෙන තිබුනේ කුඩාකල අකුරු කියාදුන් පන්තියේ ගුරුවරිය වීමයි.

Brigitte Trogneux නම් වන ඇය මේ වන විට 64 වන වියේ පසුවනවා. එකල වයස අවුරුදු 17ක්ව තිබියදී එමැනුඑල් මැක්‍රෝන් විසින් ඔහුගේ ගුරුවරිය වන මෙම කාන්තාවට විවාහ යෝජනාව ගෙනැවිත් ඇති අතර ඒ සම්බන්ධයෙන් එමැනුඑල් මැක්‍රෝන්ගේ පවුලේ පිරිස් දැඩි විරෝධයක් දක්වා තිබුණි.

කෙසේ නමුත් එමැනුඑල් මැක්‍රෝන් ගුරුවරියට දැඩි සේ ආදරය කරන්නට වී ඇති අතර ඒ පිළිබඳව ඇයට පැවසුවත් Brigitte විසින් ස්ථිර පිළිතුරක් ඔහුට ලබා දී නැති බව සඳහන්ය.

”කිසිම දෙයක් ගැන ඔයාට පොරොන්දු වෙන්න මට බෑ” ඒ ඇයගේ පිළිතුර වී තිබෙනවා. කෙසේ නමුත් කාලය ගතවෙත්ම ඔවුන් දෙදෙනා පෙමින් වෙලී ඇති අතර එම ආදරය ආරම්භ වූයේ කෙසේද, එයට මුල් වූයේ කුමක්ද යන්න පිළිබඳව දෙදෙනාම ප්‍රසිද්ධියේ පවසා නැහැ. මන්ද Brigitte විසින් එක් වරෙක ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ ”කවදාවත් කවුරුත් දැනගන්නේ නෑ අපි දෙන්නගේ ආදරය පටන්ගත්තේ කොහොමද කියලා, ඒක අපිට අයිති දෙයක්, ඒක අපි දෙන්නගේ රහසක්” ලෙසින්‍ ය.

Emmanuel Macron 2007 වසරේදී නීත්‍යානුකූල ලෙසින් ඔහුගේ පාසැල් ගුරුවරිය වන Brigitte විවාහ කරගන්නා අතර ඒ වන විට ඇයගේ වයස අවුරුදු 54ක් වන අතර ඔහුගේ වයස අවුරුදු 29ක් වුණා. එම විවාහයට පෙර Brigitteට පෙර විවාහයෙන් දරුවන් තිදෙනෙකු සිටි අතර Emmanuel Macron විසින් ඔවුන් තිදෙනාගෙන්ද මෙම විවාහය සඳහා ආශීර්වාද ලබාගෙන තිබීම විශේෂත්වයක්.

Related posts

පාකිස්තානයේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවයේ නියුතු 150 කට පමණ කොරෝනා

Mohamed Dilsad

චිනයෙන් තවත් වෛරසයක්

Mohamed Dilsad

තීන්ත කම්හලක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment