දේශීය

ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු ඉහළ යෑමට හේතුව

(UTV| කොළඹ) – මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් බොහෝ පිරිසක් ඉහළ දක්ෂතා දැක්වීම ජනප්‍රිය පාසල් සඳහා ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු සීමාව ඉහළයෑමට හේතුවූ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

2008 වසරේ නිකුත් කරඇති කඩඉම් ලකුණු සකස් කිරීමේ චක්‍රලේඛයට අනුව මෙම වසරේ කඩඉම් ලකුණු සකස් කර ඇති බව ද ඒ මහතා පෙන්වා දෙයි.

ඔහු මේ බව ප්‍රකාශකර සිටියේ කළුතර ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කපිල පෙරේරා මහතා,

“මේ පිළිබඳව තිබෙන සත්‍යම තත්ත්වය තමයි ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත දරුවන් ලබාගත්තු ලකුණු ඉහළ ගිහින් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් පවත්වන සියලුම කතා නිවැරැදි නෑ. ඒවායේ සාවද්‍ය කරුණු තියෙනවා. ඒ වගේම 2017, 2018, 2019 සහ 2020 වසරවල ශිෂ්‍යත්ව කඩඉම් ලකුණුත් ඒ ඒ පාසල්වලට ඇතුළත් කරපු ශිෂ්‍ය සංඛ්‍යාවත්, පාසල්වල තිබෙන පන්ති සංඛ්‍යාවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කරලා තියෙනවා. ඒකෙන් ඔබ සියලුදෙනාටම සත්‍ය පැහැදිලි වෙයි.”

 

 

Related posts

ප්‍රදේශ කිහිපයකට විදුලිය ලැබෙයි

Mohamed Dilsad

ICC තහනම ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

විදෙස්ගතව සිට පැමිණෙන්නන් සියල්ලන්ට දින 14 ක නිරෝධායන කාලසීමාවක්

Mohamed Dilsad

Leave a Comment