විදෙස්

යේමනයේ යුද්ධයෙන් ඉවත්වීමට ඇමරිකාව තීරණය කරයි

(UTV | යේමනය) – යේමනයේ පවතින සිවිල් යුද්ධයේ හමුදා මෙහෙයුම් සඳහා ඇමරිකානු සහය ලබා නොදීමට ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර ඇත.

නව තනතුරට පත්වීමෙන් පසු සිය පළමු ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති දේශනය පවත්වමින් ජනාධිපතිවරයා සඳහන් කලේ යේමන යුද්ධය නතර කිරීමට කාලය එළැඹ ඇති බවයි.

යේමනයේ ක්‍රියාත්මක හවුති කැරළිකරුවන්ට එරෙහිව සෞදි අරාබියේ මූලිකත්වයෙන් සිදුකෙරෙන මෙහෙයුම් සඳහා ඇමරිකාව විසින් පසුගිය ජනාධිපතිවරුන් දෙදෙනාගේම ධුර කාලවලදී සහය දක්වනු ලැබීය.

වසර 7 ක් පමණ පැවති සිවිල් යුද්ධයෙන් පීඩා විදි යේමනයේ වැසියන්ට මානුෂීය ආධාර ලබාදිය යුතු බවත් කඩිනමින් මෙම යුද්ධය අවසන් විය යුතු බවත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

 

Related posts

බ්‍රිතාන්‍ය අගමැතිනිය පර්ලිමේන්තු ඡන්දය කල් දමයි .

Mohamed Dilsad

බැග්ඩෑඩ් හි ස්වීඩන් තානාපති කාර්යාලය ගිනි තැබේ

Mohamed Dilsad

ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment