දේශීය

පුද්ගලික බස් වර්ජනය සතියකින් කල් යයි

(UTV | කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පුද්ගලික බස් වර්ජනය සතියකින් කල් දමා ඇත.

ඒ පුද්ගලික බස් හිමියන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ලබන බ්‍රහස්පතින්දා වනවිට බස් හිමියන්ගේ ගැටලු විසඳන බවට රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සහතිකයක් ලැබිම හමුවේ වර්ජනය කල් දැමූ බව සමස්ත ලංකා පුද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ සභාපති අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේය.

පෞද්ගලික බස් රථවල ලීසිං පොලී අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්, බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මීට පෙර ප්‍රකාශ කළේය.

 

 

 

Related posts

පොසොන් උත්සවයේදී රථගාල්වලින් මුදල් අයකළ යුතු බව කියූ ප්‍රාදේශීය සභාවේ (මාලිමා) සභාපති ට මිහින්තලා හිමිගෙන් විරෝධයක්

Editor O

UPDATE – මිරිහානේ විරෝධතාවයෙන් 54ක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොවිඩ් එන්නත් මිලියනය ලැබීමේදී ප්‍රමාදයක් සිදුවිය හැකියි

Mohamed Dilsad

Leave a Comment