දේශීය

සෞඛ්‍ය නීති කැඩූ ආයතන 1,300 කට නඩු

(UTV | කොළඹ) – සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 1,300 කට නඩු පවරා ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ , පසුගිය ජනවාරි 10 වන දින සිට මේ දක්වා කාලය තුළ ආයතන 12,012 ක් පරීක්ෂාවට ලක්කර ඇති බවය.

එහිදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 1,389 ක් සොයාගෙන ඇති අතර ඉන් 1,300 කට මේ වන විට නඩු පවරා ඇත.

ඊයේ (08) දිනයේදී ද පරීක්ෂාවට ලක්කළ ආයතන 407 ක් අතුරින් ආයතන 38ක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට පටහැනිව කටයුතු කර ඇති බව සඳහන් වේ.

 

Related posts

අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට වියළි ආහාර මල්ලක්

Mohamed Dilsad

ජනතාව ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

විදේශ විනිමය පාලන රෙගුලාසි ලිහිල් කිරීමේ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment