ක්‍රීඩා

LPL තරඟාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉපැයූ මුදල

(UTV | කොළඹ) – LPL තරඟාවලියේ පළමු අදියරේදීඅ සංවිධායකත්ව අයිතිය හිමිව තිබූ IPG ආයතනයට ඇමෙරිකානු ඩොලර් 3 ක අලාභයක් සිදුව ඇතත් , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඩොලර් ලක්‍ෂ 3 ක පමණ ලාභයක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මෙරට ප්‍රධාන පුවත්පතකට සාකච්ඡාවක් ලබාදෙමින් සඳහන් කර තිබේ.

කෙසේවෙතත් මෙම තරඟාවලියේදී ඔවුනට IPG ආයතනයට සිදුවූ මෙම අලාභය හේතුවෙන් ඔවුන් විසින් ක්‍රිකට් ආයතනය සමඟින් අත්සන් කළ ගිවිසුමට අනුකූලව ගෙවිය යුතුව තිබූ ඩොලර් මිලියන 1.9 ක මුදලින් ගෙවා ඇත්තේ ඩොලර් මිලියන 1.2 ක මුදලක් පමණක් බව ද වාර්තා වෙයි.

 

Related posts

ග්‍රැහැම් ෆෝර්ඩ් 28 වනදා යළි දිවයිනට

Mohamed Dilsad

මෙන්ඩිස් සහ දික්වැල්ලට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග

Mohamed Dilsad

ඊයේ පරාජයට හේතු කියන දික්වැල්ල

Mohamed Dilsad

Leave a Comment