දේශීය

මැදපෙරදිග ගුවන් සේවා ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ඉහළ නංවයි

(UTV | කොළඹ) – බහරේනයේ ජාතික ගුවන් සේවය, ගල්ෆ් එයාර් ශ්‍රී ලංකාව වෙත නැවතත් ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ලබන 15 වැනිදා සිට එම ගුවන් සේවය කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත සතියට ගුවන් ගමන් වාර දෙකක් ක්‍රියාත්මක කරනු ලබන්නේ ගුවන් සේවයේ නවතම එයාර් බස් ඒ-320 ගුවන් යානා යොදා ගනිමින්.

බහරේනය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කළද කොවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් එය අත්හිටුවනු ලැබීය.

මේ අතර, එමිරේට්ස් ගුවන් සේවයද ශ්‍රී ලංකාව වෙත සතියකට සිදුකරන ගුවන් ගමන් සංඛ්‍යාව හතරේ සිට හය දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙන අතර , එම අතිරේක ගුවන් ගමන් ලබන 27 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති.

 

Related posts

සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය තුන්වන දිනටත්

Mohamed Dilsad

නියෝජ්‍ය ඇමතිවරු ගණන 25 පනී

Editor O

මහ බැංකු අධිපති සහ ජනාධිපති අතර සාකච්ඡාවක්

Editor O

Leave a Comment