දේශීය

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මැදියමේ සිට පැය 48 ක වෘත්තීය ක්‍රියාමාර්ගයක

(UTV | කොළඹ) – දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (10) මධ්‍යම රාත්‍රියේ සිට සිය අධීක්ෂණ ආවරණ රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සහ බඳවා ගැනීමේ ක්‍රමවේද කඩිනමින් සකස් කිරීම, දුම්රිය ස්ථාන සඳහා ක්‍රමවත් සන්නිවේදන පද්ධතියක් හඳුන්වාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක කාලයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බව ප්‍රකාශ කරයි.

ඊට විසඳුමක් නොලැබුණහොත් එය අඛන්ඩ වර්ජනයක් දක්වා පුළුල් කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කරයි.

 

Related posts

“New Diamond” ගොඩබිමෙන් මුහුදු සැතපුම් 35 ක් ඈතට

Mohamed Dilsad

එජාප සහ සජබ එක ගමනක් යෑම අපේ පැතුමයි – පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන්

Editor O

බස් රථවල මගීන් ආසන සංඛ්‍යාවට පමණයි

Mohamed Dilsad

Leave a Comment