දේශීය

දුම්රිය ස්ථානාධිපතිවරුන් අකුරට වැඩ

(UTV| කොළඹ) – දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ, ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ කළ එම ක්‍රියාමාර්ගය හේතුවෙන් කාර්යාල දුම්රිය ප්‍රමාදයන් සිදු විය හැකි බවය.

මෙතෙක් විසඳී නොමැති ගැටලු කිහිපයකට කඩිනම් විසඳුම් ඉල්ලා මෙම ක්‍රියාමාර්ගය සිදු කරන බව ඒ් මහතා පවසයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය අවලංගු කිරීම් හා ප්‍රමාදවීම් ද සිදුවිය හැකි බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

 

Related posts

නීතිපති අද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

Mohamed Dilsad

21 වන සංශෝධන යෝජනාවක් කථානායකට භාරදෙයි

Mohamed Dilsad

රටේ ආර්ථිකය වැටී ඇති තැනින් ගොඩ ගන්න සැළසුමක් දෙන්න – ජනපති

Mohamed Dilsad

Leave a Comment