දේශීය

අඛණ්ඩව දෙවන දිනයටත් ඊයේත් මෙරටින් 950 ඉක්මවූ ආසාදිතයන්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 963 දෙනෙකු හඳුනාගැණුනු අතර , ඒ අනුව අඛණ්ඩව ආසාදිතයින් 900 ඉක්මවා වාර්තා වූ දෙවැනි දිනය අදයි.

ඒ් අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 72 , 174 ක් බවට පත්විය.

මීට අමතරව කොරෝනා වෛරසය ආසාදිත මරණ 5 ක් ඊයේ දිනයෙන් වාර්තා වූ අතර, මෙරට සමස්ත මරණ ගණන 375 ක් විය.

ඊයේ දිනයේදී මෙරට තවත් පුද්ගලයන් 2532 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත් ලබා දී තිබුණි.

ඒ අනුව මේ දක්වා මෙරට පුද්ගලයන් එක් ලක්ෂ 76,725 දෙනෙකුට කොවිශීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව දී අවසන්.

 

Related posts

එජාපයෙන් නව පක්ෂයට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

මෙරට සිටින විදේශිකයන්ගේ වීසා කාලය දිගු කරයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment