දේශීය

විශ්වවිද්‍යාල සිසුන්ට හා කථිකාචාර්යවරුන්ටත් කොරෝනා එන්නත

(UTV | කොළඹ) –  විශ්වවිද්‍යාල සිසුන්ට හා කථිකාචාර්යවරුන්ට කොරෝනා එන්නත් ලබාදීම සඳහා ඉල්ලීම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා පැවසුවේ, මේ වනවිටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට අවශ්‍ය ලේඛන යවා ඇති බවය.

ඔවුන් අතරින් මේ වනවිට රෝහල්වලට සම්බන්ධව සිටින වෛද්‍ය සිසුන්ට කොරෝනා එන්නත ලබා දීමේදී ප්‍රමුඛතාවක් ලබා දෙන්නැයි ද සම්පත් අමරතුංග මහතා ඉල්ලා තිබේ.

 

Related posts

මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 211 දක්වා ඉහළට

Mohamed Dilsad

ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

Mohamed Dilsad

සංචාරක ආයෝජන ව්‍යාපෘති ප්‍රමාදය වැළැක්වීම සඳහා ඉඩම් සඳහා මධ්‍යම තොරතුරු මධ්‍යස්ථානයක්

Editor O

Leave a Comment