විදෙස්

පැසිෆික් සාගරයේ ප්‍රබල භූ කම්පනයක්

(UTV | පැසිෆික්) – දකුණු පැසිෆික් සාගරයේ ඊයේ රාත්‍රියේ රික්ටර් පරිමාණයේ 7.7 ක භූ කම්පනයක් සිදුව තිබෙන බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේය.

නිව් කැලිඩෝනියා දිවයිනට නැගෙනහිර දෙසින් කිලෝමීටර් 10 ක් ගැඹුරින් ඊයේ මැදියම් රැයේ එය සිදුවූ ඇත.

එමඟින් ෆීජි, නවසීලන්තය සහ වනවාටු දිවයින්වලට සුළු සුනාමි තත්ත්වයක් අපේක්ෂා කළද ෆීජි දිවයින පසුව එම නිවේදනය අවලංගු කිරීමට ද කටයුතු කළේය.

මේ අතර, ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනට නිරිත දෙසින් රික්ටර් පරිමාණයේ 6.2 ක භූ කම්පනයක්ද ඊයේ වාර්තා වූ අතර, එමඟින් කිසිදු හානියක් වාර්තා වී නොමැත.

 

Related posts

ඓශ්වර්යා රායි වැඩිදුර ප්‍රතිකාර සඳහා මුම්බායි නුවර රෝහලකට

Mohamed Dilsad

ඊළඟට එන කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා භයානකයි

Mohamed Dilsad

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් හැටහය ලක්ෂ 85,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment