ව්‍යාපාරික

ආර්ථික සහයෝගිතාවය දියුණු කිරීමට ජපානය සහ ලංකාව එකඟතාවයකට

(UTV | කොළඹ) – ජපානය සහ ශ්‍රී ලංකාව ආර්ථික සහයෝගීතාව දියුණු කිරීම සඳහා එකඟතාවකට පැමිණි බව විදේශ අමාත්‍යාංශය කියා සිටියි.

ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ජපානය සහ ශ්‍රී ලංකාව කරුණු සමාලෝචනය කර සමකාලීන වශයෙන් අදාළ වන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීම සඳහා එකඟතාවයකට පැමිණ ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

ජපාන ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සංවාදයේ දෙවන වටය දෙරටේ විදේශ අමාත්‍යාංශයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදි එම තීරණයට එළඹ තිබේ.

මෙහිදි දෙරට අතර වාර්තාගත දේශපාලන හා සංස්කෘතික අන්තර් ක්‍රියාකාරීත්වයේ ශක්තිමත් පදනම පිළිබඳව සිහිපත් කරමින් දෙපාර්ශවයම ජාතික කලාපීය හා ජාත්‍යන්තර මට්ටම්වල ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

ඉන්දියන් සාගරය තුළ නීතිරීති පදනම් කරගත් සමුද්‍රීය වැඩපිළිවෙළක වැදගත්කම ද මෙහිදී හඳුනාගත් බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම බහුපාර්ශවීය වේදිකාවල සමුද්‍රීය සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සහයෝගය වැඩිදියුණු කිරීම සඳහා වන ඒකාබද්ධ ප්‍රයත්නයන් අඛණ්ඩව සිදුකිරීමට ද මෙහිදී දෙපාර්ශවයම එකඟතාවකට පැමිණියේය.

විදේශ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දී ඇති අතර ජපාන විදේශ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අමාත්‍ය මොරී ටකයෝ මහතා ජපාන පාර්ශවය මෙහෙය වු බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

 

 

Related posts

සියළු වාහනවල මිල ඉහළට

Mohamed Dilsad

මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව ලේකම්වරයෙක්

Mohamed Dilsad

මැතිවරණ දින කොටස් වෙළෙඳපොළේ කටයුතු සීමා වෙයි

Mohamed Dilsad

Leave a Comment