දේශීය

කොරෝනා ආසාදිත O/L සිසුන්ට දිස්ත්‍රික් මට්ටමින් විභාග මධ්‍යස්ථාන

(UTV | කොළඹ) – කොවිඩ් ආසාදිත සාමාන්‍ය පෙළ සිසුන්ට (O/L) විභාගයට මුහුණ දීමට දිස්ත්‍රික් මට්ටමින් මධ්‍යස්ථාන ඇති කිරිමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ එවැනි සිසුන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිට විභාගයට මුහුණ දිය හැකි බවයි.

අදාළ මධ්‍යස්ථාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව හඳුනා ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර නිරෝධායනයට ලක්වන සිසුන් වෙතොත් ඔවුන්ට විභාගයට මුහුණ දීමේ පහසුකම් සැලසීමේ අරමුණින් සියලූ විභාග මධ්‍යස්ථානවල හුදෙකලා පන්ති කාමරයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.

 

Related posts

බුස්ස හමුදා කඳවුරෙන් තවත් පුද්ගලයන් 10 ක් පිටත් වෙයි

Mohamed Dilsad

අද සිට හුදකලා කෙරෙන සහ ඉවත් කෙරෙන ප්‍රදේශ

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 100 අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment