විදෙස්

චීනය BBC ලෝක සේවාව අත්හිටුවයි

(UTV | චීනය) – BBC ලෝක සේවාව තම රට තුළ විකාශය කිරීම චීනය විසින් අත්හිටුවා තිබේ.

ඒ අනුව BBC රූපවාහිණි සහ ගුවන් විදුලි සේවාවන් එරට තුළ විකාශය කිරීම නතර වනු ඇත.

කොරෝනා වෛරසය සම්බන්ධ වාර්තාකරණයේදී BBCය විසින් අසත්‍ය කරුණු පලකර ඇති බවයි චීනයේ චෝදනාව වී ඇත.

එමෙන්ම තවත් වසරක පමණ කාලයක් යනතුරු මෙම තහණම ඉවත් නොකරන බවද චීනය සඳහන් කර තිබේ.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ මාධ්‍ය නියාමන ආයතනය මගින් චීනයේ රාජ්‍ය රූපවාහිණී සේවාව CGTN නාලිකාවේ විකාශනය බ්‍රිතාන්‍යය තුළ විකාශය කිරීම පසුගියදා අත්හිටවනු ලැබීය. චීනය විසින් BBC ලෝක සේවාව අත්හිටුවීමට එයද හේතු වී ඇති බවද වාර්තා වෙයි.

 

Related posts

ජනපති සටනින් ඉවත් නොවන බව බර්නි සෑන්ඩර්ස්ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

කැටලෝනියානු විරෝධතාව තවමත් නොසන්සුන්වෙයි

Mohamed Dilsad

ගාසා තීර‍යට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 58 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment