විදෙස්

වික්ටෝරියා ප්‍රාන්තය දින 5 කට වැසෙයි

(UTV | ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් නුවර නව කොවිඩ් පොකුරක් මතුවීම හේතුවෙන් දින 5 ක කාලයක් වසා දැමීමට පියවර ගෙන ඇත.

මෙල්බර්න් නුවර හෝටලයක් හා සම්බන්ධ කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයින් සංඛ්‍යාව 19 ක් දක්වා වර්ධනය වී තිබීම ඊට ප්‍රධාන හේතුව වී ඇත.

වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් පැවසුවේ එම සියලූ ආසාදිතයින්ට වැළදී ඇත්තේ එක්සත් රාජධානියේ ව්‍යප්ත වන නව ප්‍රභේදය බැවින් පවතින තත්ත්වය ඉතා අවදානම් සහගත බවයි.

නිවසින් බැහැරව යා හැක්කේ හේතු 4 ක් සඳහා පමණයි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමට / වෛද්‍ය සේවා හා සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට හෝ වෙනත් අයෙකුව රැක බලා ගැනීමට / ව්‍යායාම් කිරීමට සහ රැකියා කටයුතු සඳහා යන්න එම අවශ්‍යතා 04 යි.

 

Related posts

ටැන්සානියාවේ ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

අධික සීතලෙන් ඉන්දීය සෙබලුන් 14 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීම් වලින් සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment